“සූවිසි දහස් පිරිසද නරනිඳු ගජබා

පුදසුන තැබූ සළඹට දෙවොලක් කරවා

තුන්‍කල් සුරකිනා ලෙස ගණ පත් කරවා

එදවස සිරිත රැක අද පිළිවෙත් පුරනා…

අනුරාධපුර රාජධානි සමය දක්වා ඓතිහාසික උරුමය සුරැකි , සිව්දෙස සිසාරා මාතෘත්වයේ නාමයෙන් විරාජමාන වන උතුම් සත් පත්තිනි දේව මෑණියන් පුදන මහා සංස්කෘතික මහෝත්සවය…