ඓතිහාසික නවගමුවපත්තිනි දේවාලය කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නවගමුව ග්‍රාමයෙහි රත්නපුර කොළඹ මාර්ගයේ දහතුන් වන සැතපුම් කණුව අසල පිහිටා ඇත. එයට නුදුරින්ම වම් පසින් කැලණි ගඟ ගලා බසී.

අක්කර 13කින් පමණ සමන්විත සමස්ත පූජා භූමිය නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරස්ථානයට අයත් වන අතර සියලු පරිපාලනමය වගකීම් විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ විසින් දරනු ලබයි.

6

6.00 AM

දේවාලය විවෘත කිරීම
දිනපතා උදෑසන

9

9.00 AM

මුරුතැන් පූජාව සහිත මහතේවාව
දිනපතා උදෑසන

6

6.00 PM

පසුයම තේවාව
(හැන්දෑධුරය )
දිනපතා සවස

8

8.30 PM

මහා දේවාලය වැසීම තේවාව
දිනපතා රාත්‍රී

අනුරාධපුර යුගයේ රජකල ලම්භකර්න වංශයේ තෙවැන්නා වූ පළමු ගජබා සමයෙහි
(ක්‍රි: පූ:113-136)  නවගමුවේ පත්තිනි දෙවොලක් ඉදිකළ බවත් රජු භාරත දේශයට ගොස් ගෙන ආ පූජනීය වස්තු අතර බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍රා ධාතුව සහ පත්තිනි දේවතාවියගේ මහානුභාව සම්පන්න රන්සලබද වූ බවත් සඳහන් වේ.

නවගමුව සත්පත්තිනි මහා දේවාලයේ මූරුතැන් පූජාව සහිත මහතේවාව

සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයටම පොදු වූ සත්පත්තිනි දෙවියන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සමඟ සමපාතව ජන ජීවිතයේ අවියෝජනීය බැඳීමක් ලෙස පවතිනුයේ ඓතිහාසික නවගමුපුදබිම කේන්ද්‍ර කොටගෙනය එම සංස්කෘතික උරුමය අනාගත පරපුර උදෙසා නිවැරදිව සුරක්ෂිත කිරීමට කැපවීම අපගේ දැක්මයි.
විහාරාධිපති නායක මාහිමියන්ගේ මඟ පෙන්වීම අනුව යමින් ඓතිහාසික නවගමු පුදබිම පිළිබඳ තොරතුරු ගවේෂණය සංරක්ෂණය හා ජනගත කිරීම උදෙසා නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වීම.

ඓතිහාසික නවගමුවපත්තිනි දේවාලය කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නවගමුව ග්‍රාමයෙහි රත්නපුර කොළඹ මාර්ගයේ දහතුන් වන සැතපුම් කණුව අසල පිහිටා ඇත. එයට නුදුරින්ම වම් පසින් කැලණි ගඟ ගලා බසී.

අක්කර 13කින් පමණ සමන්විත සමස්ත පූජා භූමිය නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරස්ථානයට අයත් වන අතර සියලු පරිපාලනමය වගකීම් විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ විසින් දරනු ලබයි.

ඓතිහාසික නවගමු පුණ්‍ය භූමිය ගොඩනැඟු

මහා සඟ පරපුර

ඓතිහාසික සත්පත්තිනි මහා දොවොලේ

දේවාල භාර කපු මහතුන්