ක‍්‍රි.ව. 112-134
සිට ගොඩනැගෙන මහා පත්තිනි දෙවොලේ ඉතිහාසය
ඓතිහාසික නවගමුව පින්බිම
නවගමුව යන නාම ප්‍රභවය පිළිබඳව ජනප්‍රවාද කිහිපයක් තිබෙයි. නවගමුව දේවාලය සඳහාම කැප වූ දේවාලය වටා ඇති ගම් නවයක එකතුව අදහස් කරමින් නවගමුව යන නම ලබාදුන් බවට මතයකි.
එමෙන්ම නවගමු දේවාල භූමිය විශාල නා ගස් ප්‍රමාණයකින් වැසුණු නා ගොමුවක් ලෙස දිස්වීම නිසා නාගොමුව වූ ගම නවගමුව ලෙස ව්‍යවහාර වූ බවද තවත් මතයකි. නවගමුව දේවාලය අවට භූමියේ විශාල ලෙස නාගයින් සිටි නිසා නාගයන්ට ඇති සම්බන්ධතාවය මත නාග ගොමුව නාගමුව ලෙස නම් වූ බවද තවත් මතයකි.
කෙසේ වෙතත් මෙම නම සියවස් ගණනක් පැරණි බවට පැහැදිලි සාක්ෂි තිබේ. දේව වර්ණනා කාව්‍ය ග්‍රන්ථයෙහි කවිමඩු පුරයට අයත් කවි කිහිපයකම නවගමුව යන නම සඳහන් වෙයි. නවගමුව ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම පිළිබඳව අවධානය යොමු කරන කල ක්‍රිස්තු පූර්ව අවධියෙහි සිට නවගමුව ජනාවාසව තිබූබවත් කැලණි ගඟ පහළ නිම්නයේ රජරට ජලාශ්‍රිත ආර්ය ශිෂ්ඨාචාරයට සමාන්තරව බිහිවන කේන්ද්‍රස්ථානයක්තිබූ බවත් පැහැදිලිවෙයි. මුල්ම ආර්ය ජනාවාස ව්‍යාප්තිය සලකා බැලීමේදී කැලනි ගංගා නිම්නය ආශ්‍රිතව ජනාවාස වූ ප්‍රදේශ ලෙස කැලණිය මෙගොඩ කැලණිය බියගම හා නවගමුව ආදී ප්‍රදේශ ක්‍රිස්තු පූර්ව යුගයේ ආරම්භ වී අනුරාධපුර සමය පුරාම ජනාවාසව තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක මගින් අනාවරණය වේ.
නවගමුවට ඉතාමත් සමීප කොරතොට රජ මහා විහාරයේ හඳුනාගෙන ඇති බ්‍රාහ්මීය ශිලා ලිපිද පැරණි සිංහල ශිෂ්ඨාචාරයක උරුමය පිළිබඳව සාක්ෂි සපයයි.
අනුරාධපුර යුගයේ රජකල ලම්භකර්න වංශයේ තෙවැන්නා වූ පළමු ගජබා සමයෙහි (ක්‍රි:ව:113-136) නවගමුවේ පත්තිනි දෙවොලක් ඉදිකළ බවත් රජු භාරත දේශයට ගොස් ගෙන ආ පූජනීය වස්තු අතර බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍රා ධාතුව සහ පත්තිනි දේවතාවියගේ මහානුභාව සම්පන්න රන්සලඹද වූ බවත් සඳහන් වේ.
එලෙස ගෙන ආ පත්තිනි දෙවියන්ගේ රන් සලඹ නවගමුවේ නිදන් කොට පත්තිනි මහ දෙවොල ඉදිකළ බවටත් පුරාණෝක්තිවල සඳහන් වෙයි.
ඒ හා සම්බන්ධ ජනප්‍රවාද වලින් පැවසෙන්නේ භාරත දේශයේ සිටනැවත සිය රට බලා පැමිණෙන ගජබාරජු ගේ නැව්සුළි කුණාටුවකට හසුවකැලණි ගං මෝයටසේන්දු වූ බවත් ඒ අනුව කැලණි ගං මෝදරට ගොඩබට රජ ඇතුළු පිරිස එදින රාත්‍රීය නවගමුවේ නවාතැන් ගත් බවත් පසු දින පූජ්‍ය වස්තුන් රැගෙන රජරට බලා යෑමට සූදානම් වන අවස්ථාවේදී පත්තිනි සළඹ වටා නාගයන් රැකවල් ලමින් රජුට එය ගෙන යාමට ඉඩ නොදුන් බවත් එවිට එම ස්ථානයේම පත්තිනි දෙවොලක් කරවා සඳුන් ලීයෙන් පත්තිනි දේවියගේ රුවක් නිර්මාණය කර පුද පූජා පැවැත්වීම සඳහා සලඹ ද සමග එහි තැන්පත් කර වු බවත්ය.
එමෙන්ම පැරණි ජනප්‍රවාදවලට අනුව ශක්‍ර දෙවියන්ගේ ඉල්ලීම පරිදි ලංකාවට වැඩම කළ පත්තිනි දෙවියන් නවගමුවේ ජීවමානව භාවනානූයෝගීව වැඩ සිටි බවත් වර්තමානයෙහිද නවගමු දේවාල භූමියෙහි දක්නට ඇති ගල්කණුදේවාලය නැමැති ස්ථානයෙහි පත්තිනි දෙවියන්ගේ ගිමන් හල පිහිටා තිබූ බවත් සඳහන් වේ.
එමෙන්ම පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය තුළ සඳහන් වන පරිදි දකුණු ඉන්දියාවේ සිට පැමිණි සේරිමාන් නැමැති රජුවිසින් නවගමුවේ පවත්වන ලද දෙවොල්මඩු ශාන්ති කර්මය ශ්‍රී ලංකාවේ පැවති පළමු දෙවොල්මඩු ශාන්ති කර්මය වන අතර පහත රට නැටුම් කලාවේ උපත ලෙසද එය සඳහන් කළ හැක.
ඒ අනුව පහතරට නැටුම් කලාවේ තිඹිරිගය නවගමුව බව සඳහන් කිරීම වඩාත් සාධාරණ වනු ඇත. එමෙන්ම පහතරට නැටුම් කලාව පමණක් නොව මෙරට සියලු නැටුම් සම්ප්‍රදායන් සහ ජන ක්‍රීඩා සමඟ පත්තිනි දේව ඇඳහිල්ල ඓතිහාසිකව බැඳී ඇත.
හයවන පැරකුම්බා සමයෙහි (ක්‍රි:ව 1410-1464) ලියැවෙන කෝකිල සංදේශයේ 117 වන කවියෙහි ගජබාරජු විසින් ඉදිකරන ලද නවගමුවේ පත්තිනි දේවාලය පිළිබඳව සඳහන් වෙයි.
නවගමුව පත්තිනි දේවාලය පිළිබඳව තවත් වැදගත් ඉතිහාස තොරතුරු සපයන මූලාශ්‍රයක් ලෙස හත්වන බුවනිකබා රජුගේ (ක්‍රි.ව.1521-1551) ගොඩගම සන්නස සඳහන් කළ හැක. ගොඩගම සන්නස තුළ සඳහන් වනුයේ පත්තිනි දේවාලයට අයත් ඉඩකඩම් හා ඉන් දේවාලයට ලැබිය යුතු කොටස් පිළිබඳව මෙන්ම පත්තිනි දේවාලයට සහල් නැළි පහක් දිය යුතු බවට රජු විසින් කරන ලද ආඥාවයි.
එමෙන්ම සීතාවක යුගයේදී ඉතා වැදගත් අවධානයක් නවගමුවේ පත්තිනි දේවාලයට යොමු වනුයේ සීතාවක මායාදුන්නේ සහ රාජසිංහ රජු පෘතුගීසීන්ට එරෙහිව කළ යුධ ප්‍රායානයේ ගමන් මග නවගමුව හරහා වැටී තිබීමෙන් මෙන්ම විශේෂයෙන් පළමු වන රාජසිංහයන් පත්තිනි දෙවියන්ගේ දැඩි බැතිමතෙකු වීම තුළය.
මායා දුන්නේ රජතුමා (ක්‍රි:වඃ1521-1581 ) කොළඹ කොටුවේ සිටි පරංගින් හා යුද වැදීමට යන අතරතුර නවගමු පත්තිනි දේවාලයට බාරයක් වී ගිය බව සඳහන් වෙයි.
එමෙන්ම 1550 දී පෘථගාල රජු බුවනෙකබාහුට ආධාර පිණිස දොන් අශෝර ද කොස්තාට එවන ලද 600ක් පමණ සෙබළු පිරිස නවගමුවේදී මායාදුන්නේ රජුගේ සේනාසමඟ යුධ වැදුණු බව සඳහන්වේ. මේ අනුව නවගමුව පෘතුගීසීන්ට එරෙහිව සිදුකළ යුධ වයාපාර සඳහා ඉතා වැදගත් ඓතිහාසික සටන් බිමක් වූ බව පැහැදිලිය.
ඉහත සටනින් පසුව ප්‍රතුගීසින් විසින් නවගමුව සහමුලින් විනාශ කළද ටිකිරි කුමරු හෙවත් පළමුවන රාජසිංහයන්ගේ ක්‍රියාත්මක වීම හමුවේ පෘතුගීසීන් ක්‍රමිකව මුල්ලේරියාව දක්වා පසු බසින ලද නමුත් මුල්ලේරියාව බලා යන රාජසිංහයන්ගේ සේනා වලට මුල්ම ප්‍රතිරෝධය එල්ල වන්නේ නවගමුවේදීය.
මේ අනුව නවගමු වෙලේදී පෘතුගීසීන් සමඟ සිදු වූ දැවැන්ත සටන මෙහෙයවන ලද්දේ පළමු රාජසිංහයන්ගේ බලවත්ම සෙන්පතිවරුන් දෙපළක් වූ ඔබ්බේරිය රාළහාමි සහ අතපත්තුවේ ආරච්චි විසිනි.
සටන කෙරතරම් ත්‍රීව්ර වීදයත් සිංහල සේනාවට ද මහත් පාඩු සිදු වූ අතර අතපත්‍තුවේ ආරච්චි නමැති වීරසෙන්පතියා එහිදී ජීවිතය පූජා කරන ලදී පෘතුගීසින් නවගමුවේ දේවාලය විනාශ කර නවගමුව යුධ කඳවුරක් ලෙස යොදාගත් බවත් එහි තිබූ ගල් කණු ආදිය යොදා ඒ අසල පෘතුගීසි පල්ලියක් ඉදි කළ බවත් සඳහන්වේ විනාශ කළ නවගමු දේවාලය මායාදුන්නේ රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.
1959 දී නවගමු දේවාල භූමිය පොළොව කැණීමේ දී හමු වූ බොරදම් සහිත ගල් කණු කිහිපයක් පරීක්ෂා කළ පුරාවිද්‍යා විශේෂඥ සෙනරත් පරණවිතාන ශූරීන් පවසන්නේ එම ගල් කණු පෘතුගීසි යුගයට අයත් බවයි.
ඒ අනුව සීතාවක රජ කළ මායාදුන්නේ රජුමෙන්ම පළමුවන රාජසිංහයන්ද දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අනුග්‍රහය දක්වා ඇති බව පැහැදිලිය සීතාවක රාජසිංහයන්ගෙන් පසු නවගමු පුදබිම සම්බන්ධයෙන් ශතවර්ෂ තුනකට ආසන්න කාලයක් දක්නට හැක්කේ අඳුරු කාල පරිච්ඡේදයකි. විදෙස් ආක්‍රමණිකයන්ට යටත් වූ කාල පරිච්ඡේදය තුළ වල් බිහිවී විනාශයට පත් වෙමින් තිබුණු මෙම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි අරඹන්නේ 1913-1928 වකවානුවේදීය.
ඒ වර්තමාන සඟ පරපුරේ ආදි කතෘවරයාණන් වහන්සේ වූ කටුවාවල ශ්‍රී සුමන තිස්ස නාහිමියන්ගේ පුරෝගාමීත්වයනි. උන්වහන්සේ මෙම පුදබිමට වැඩම කොටපොල් අතු සෙවිලි කරන ලද කුඩා ආවාසයක් තනා එහි වැඩ වාසය කරමින් ඉතාදුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් අධිෂ්ඨානශීලීව මෙම පින්බිම දියුණු කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ. මෙහි සියලු විහාරාංග සහිත පන්සලක් ඉදිකරවීම සඳහා උන්වහන්සේ කටයුතු කර ඇත. මුලින්ශ්‍රී සුදර්ශනාරාමය ලෙස හඳුන්වන ලද එම විහාරස්ථානය පසුකාලීනව ශ්‍රී සුගත බිම්භාරාම විහාරස්ථානය ලෙස හඳුන්වනු ලැබීය. විහාරස්ථානය සමගම දේවාලයද ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ඉඩ සලසාලීමට කටුවාවල සුමනතිස්ස නා හිමියෝ කටයුතු කරනු ලැබ තිබෙයි.
වඩු වැඩ ගල් වැඩ ආදී නොයෙක් කර්මාන්තයන් දැන සිටි උන්වහන්සේ විසින් ස්වකීය දෑතින්ම කළු ගලින් නෙලන ලද සඳකඩ පහණක් විහාරගෙට ඇතුළු වන දොරටුව ඉදිරිපිට දක්නට ලැබේ. කටුවාවල සුමන තිස්ස නාහිමියන් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුවමෙම පින්බිම ගොඩනගමින් සිටියදී පත්තිනි මෑනියන් ජීවමානව පෙනී සිටි බවත් නාහිමියන් පත්තිනි දේව මෑණියන් සියැසින්ම දුටු බවත් ප්‍රකට ජනප්‍රවාදයකි.
(1928 දක්වා)
කටුවාවල සුමන තිස්සේ නාහිමියන්ගේ ඇවෑමෙන් විෂ වෙදකමෙහි කෙළ පැමිණි මහා ජීවකයෙකු වූ දැඩිගමුවේ සීලක්කන්ධ නා හිමියන් ද.
(1928-1948)
විශ්ව කීර්තිධර මහා ගත් කතුවරයෙකු හා වියත්පඬිරුවනක් ලෙස ප්‍රකට කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේකර මහා නාහිමියන්
(1948-1977)
උන්වහන්සේගේ ඇවෑමෙන් ප්‍රතාපවත් භික්ෂු පෞරුෂයක් ලෙස ගෞරවයට පාත්‍ර වූ මාදන ජිනරතන මහා නා හිමියන් ද.
(1977-2002)
ඓතිහාසික නවගමුවපුදබිම දිවයිනේ අග්‍රගන්‍ය පුණ්‍ය භූමියක් ලෙස ගොඩ නංවන ලද්දේ එහි ඓතිහාසික සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමිනි.
සිය ආදී කතෘවරයාණන් වහන්සේලා විසින් ඉටුකරන ලද වගකීම් එපරිද්දෙන්ම නොපිරිහෙලා ඉටු කරමින් වර්තමානයේ මෙම උතුම් පුදබිමට නායකත්වය ලබා දෙන්නේ ධර්මධර විනයධර මහ තෙරණමක් ලෙස සමස්ත සංඝ සමාජයේම සම්භාවනාවට පාත්‍ර වූ අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර මහා නා හිමිපාණන් වහන්සේය.
(2002 සිට මේ දක්වා )

